ඇෆ්ගනිස්තනායේ නව තලේබාන් නායක මුල්ලාහ් අඛ්තාර් මන්සූර් සිය සාමාජිකයන්ට යළිත් එක්සත් වීමට ආරාධනා කර ඇති අතර, ඔවුන් දිගටම සිය සටන මෙහෙයවන බව පවසා තිබේ.
තලේබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලාහ් ඕමාර්ගේ මරණය තහවුරු වීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා මුල්ලාහ් මන්සූර් සංවිධානයේ නායකත්වයට පත්කරන ලදී.
හඬ පටයක් නිකුත් කරමින් සිය සාමාජිකයන් අමතන නව නායකයා පවසා ඇත්තේ සංවිධානයේ බෙදීම සතුරන්ට වාසිදායක වී ඇති බවයි.
එමෙන්ම, ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාමීය පාලනයක් ක්‍රියාත්මක වන තුරු සංවිධානය ඔවුන්ගේ ජිහාඩය වෙනුවෙන් සටන් වදින බවද හෙතෙම පවසා ඇත.
විනාඩි 30ක් පුරා දිවෙන හඬ පටය අතරතුර බිළිඳෙකු හඬන ශබ්දයක්ද වරින්වර ඇසෙන බව විදෙස් මාධ්‍ය පවසයි.