දකුණුදිග තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන ගොන්පොර සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ තහනමට ඉහළින් එරට මධ්‍යම රජය ගොන්පොර සඳහා අවසරය ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම ගොන්පොර ක්‍රීඩාවක් මෙන්ම, ආගමික චාරිත්‍රයක් ලෙස දීර්ඝ කාලයක් පුරා පැවැත එන අතර, එය බොහෝවිට එරට කෘෂි ආර්ථිකය හා බැඳී පවතින්නකි.
කෙසේ වෙතත්, 2014 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ක්‍රීඩාව තහනමට ලක්කළ අතර, එය ඉන්දීය නීතිය යටතේ සතුන්ට වදහිංසා කිරීමක් බව සඳහන් කෙරිණි.
විශේෂයෙන්ම, මෙම තහනමට එරෙහිව තමිල්නාඩුව පුරා ඇති වූ උද්ඝෝෂණ මාලාවක්ම ක්‍රියාත්මක වූ අතර, එය දමිළ සංස්කෘතියට නොසලකා හැරීමක් බව පැවසුණි.
ඒ අනුව, තමිල්නාඩු ආණ්ඩුකාර විද්යාසාගර් රාඕ විසින් විධායක තීරණයකට අනුමැතිය ලබාදෙමින්, ජල්ලිකට්ටු ලෙසින් හැඳින්වෙන මෙම ගොන්පොර සඳහා අවසරය ලබාදී තිබේ.
එමෙන්ම, තමිල්නාඩු මහ ඇමති ඕ පන්නීර්සෙල්වම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙමින් මේ අර්බුදය සඳහා ඔහුගේ සහායද ඉල්ලා තිබුණි.
එහිදී, අගමැතිවරයාගේ සහතිකයද සමග මධ්‍යම රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රාන්ත රජයේ විධායක තීරණයට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
ඉන් දිනකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළ යෝජනාව සලකා බලමින් අදාළ තීන්දුව අත්හිටුවමින් ගොන්පොර තහනම ආපස්සට හරවා තිබේ.