ඉන්දීය දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වූ චරිතයක් වූ ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් මාස දෙකකට පසුව, තවත් කාන්තා දේශපාලන චරිතයක් තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය පවසා සිටියේ ජයලලිතාගෙන් පසුව මහ ඇමති ධුරයේ වැඩබලමින් සිටි ඕ. පන්නීර්සෙල්වම්ගේ ඉල්ලා අස්වීමත් සමග ශෂිකලා නටරාජන් එම ධුරයට පත්වනු ඇති බවයි.
ජයලලිතාගේ වඩාත් සමීප සහායිකාවක ලෙස කලක් තිස්සේ කටයුතු කළ ශෂිකලා, ජයලලිතාගේ මරණයෙන් පසුව එම පක්ෂයේ මහ ලේකම් ධුරයටද පත් වූවාය.
"තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිනිය ඇයයි. අම්මා (ජයලලිතා) වගේම, අපේ ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් කාන්තා නායකත්වයක් අවශ්‍යයි" යනුවෙන් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සී.ආර්. සරස්වතී ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණි.