ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊයේ (06දා) තමිල්නාඩුවේ, චෙන්නායි නුවරදී ඩී.එම්.කේ. පක්ෂ නායක එම්.කරුණානිධි මුණ ගැසී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කලක පටන් රෝගාතුරව පසුවන කරුණානිධි මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ කලකට පසුව බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට 93 වැනි වියෙහි පසුවන කරුණානිධිගේ පුත්‍රයා වන ස්ටාලින් සහ දියණිය වන කනිමෝලි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත් බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය විපක්ෂය වන කොංග්‍රසය සමග සන්ධානගත පක්ෂයක් බැවින්, මේ ආකාරයෙන් මෝදි කරුණානිධි මුණ ගැසීම බල පෙරළියක ඡායාවක් පිළිබඳ කුකුසක්ද දේශපාලන ක්ෂේත්රයේ ඇතිකර තිබේ.
කෙසේ වෙතත්, මෙය කිසිදු ආකාරයක දේශපාලන පෙර නිමිත්තක් නොවන බව ඩී.එම්.කේ. පක්ෂය පසුව අවධාරණය කර තිබුණි.