ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයන් පිරිසක් වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් කතා කිරීමට කටයුතු කර තිබේ.
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් වෙත ට්‍රම්ප් ලබාදුන් දුරකථන ඇමතුම වඩාත් කතාබහට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රෙම්ලිනය පවසා සිටියේ දෙපාර්ශ්වයම ප්‍රධාන වශයෙන් සිරියාව තුළ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සහ අනෙකුත් ත්‍රස්ත සංවිධාන මෙන්ම, ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
එමෙන්ම, මේ පිළිබඳව අදහස් දක්වමින් ධවල මන්දිරය පවසා සිටියේ මෙම දුරකථන ඇමතුම දෙරට අතර බිඳ වැටුණු සබඳතා නැංවීම සඳහා ගනු ලැබූ සුවිශේෂී ඇරඹුමක් බවයි.
මීට අමතරව, ජපාන අගමැති ෂින්සෝ අබේ, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්, ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ සහ ඔස්ට්‍රේලියානු අගමැති මයිකල් ටර්න්බුල් වෙතද ට්‍රම්ප් දුරකථන ඇමතුම් ලබාදී තිබේ.