මධ්‍යම වියට්නාමය වෙත පසුගියදා බලපා ඇති ඩැම්රි සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (05දා) වනවිට 27 දක්වා ඉහළ නැඟ තිබේ.
එසේම තවත් පුද්ගලයන් 20ක් අතුරුදන්ව සිටි අතර, නිවාස 40000කට ආසන්න සංඛ්‍යාවකට අලාභානි සිදුව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් ගොඩබිමට පැමිණි මෙම සුළි කුණාටුවට පෙර විශාල පිරිසක් ප්‍රදේශයෙන් ඉවත්කර ඇති අතර, ප්‍රදේශ රැසක විදුලිබලය ඇණහිට ඇති බවද පැවසෙයි.
සුළි කුණාටුවෙන් දැඩි අලාභානි සිදුවූ ප්‍රදේශය ලෙස න්හා ට්‍රැන්ග් සැලකෙන අතර, මෙය මෙම සතියේදී එපෙක් සමුළුව සඳහා ලෝක නායකයන් හමුවීමට නියමිත ඩා නැන්ග් වෙරළ නගරයට කිලෝමීටර් 500ක් පමණ දකුණුදිගින් පිහිටි ප්‍රදේශයක් බව කියයි.
අග්නිදිග ආසියානු රටවල් සාමාන්‍යයෙන් මෙවැනි දැඩි සුළි කුණාටු තත්ත්වයන්ට වරින්වර මුහුණදෙන අතර, වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මිනිස් ජීවිත හානිවීම් පිළිබඳවද වාර්තා වෙයි.