ඩලස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඝාතනය කළ කළු ජාතික හිටපු හමුදා සෙබලාගේ වෙනස්වීම ඔහු හමුදා සේවයේ ලද අත්දැකීම් සමග සිදුවූවක් බව ඔහුගේ මව පවසා තිබේ.
මයිකා ජොන්සන් නමැති තම දරුවා බොහෝ සමාජශීලී අයෙකු ලෙස ජීවිතය ආරම්භ කළත්, ඔහු ඇමෙරිකානු හමුදාවේ සේවයට යෑමෙන් පසුව බොහෝ හුදකලා චරිතයක් බවට පත්වූ බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.
අප්රිකානු ඇමෙරිකානුවන් දෙදෙනෙකු සුදු ජාතික පොලිස් නිලධාරීන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග ඇමෙරිකාවේ ඇති වූ උද්ඝෝෂණ මාලාව අතරතුර, ඩලස් උද්ඝෝෂණය අවස්ථාවේදී ඔහු පොලීසිය වෙත විවෘත කළ විවෘත වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුවිය.