ඩයනා සමග අවසන් ඇමතුම ගැන විලියම් - හැරී මතකයන්
නැසීගිය ඩයනා කුමරිය වන තම මව සමග පැවති අවසන් දුරකථන සංවාදය බොහොම කෙටි සංවාදයක් බව ඇයගේ පුතුන් දෙදෙනා වන විලියම් හා හැරී කුමරු බොහොම වේදනාබරව සිහිපත් කරයි.
වර්ෂ 1997 අගෝස්තු 31 වැනිදා පැරීසියේදී හදිසි අනතුරකට ලක්ව ඩයනා කුමරිය මෙළොව හැර ගොස් වසර 20ක් සපිරෙන දිනය වැඩි ඈතක නොවෙයි.
එදා ඩයනා සිය දිවියට සමුදෙන විට විලියම් 15 වැනි වියෙහි පසුවූ අතර, හැරිගේ වයස අවුරුදු 12කි.
"මම තවමත් දුක්වෙන්නෙ එදා අම්මගෙන් ලැබුණු අවසන් ඇමතුම කොච්චර කෙටි ඇමතුමක්ද කියලයි. ඒ වේදනාව තවමත් මගේ හදවතේ තියෙනවා" යැයි අද හැඩිදැඩි තරුණයෙකු වන හැරී සිහිපත් කරයි.
අයි.ටී.වී. වාර්තා වැඩසටහනක් වෙනුවෙන් සිදුකර ඇති ඩයනාගේ 20 වැනි ගුණානුස්මරණය හා බැඳුණු වැඩසටහනේදී තම මව සමග ගෙවුණු ළමා කාලයේ රසබර අත්දැකීම් හැරී සහ විලියම් බෙදාහදාගෙන ඇත.
තමන්ට විනෝදයෙන් හා කෙළිදෙළින් ගත කිරීමට මව සෑම විටම අවස්ථාව ලබාදුන් බව පවසන රජ කුමාරවරුන් පවසන්නේ, ඇය තමන් වෙනුවෙන් රස කැවිලි හොරෙන් ලබාදීමට නිතරම කටයුතු කළ බවයි.
එමෙන්ම, රජ මාලිගයේ තාප්පයෙන් පිටත ඇති ලෝකය පිළිබඳ හොඳ අවබෝධයක් පැවති තම මව, මුළුමනින්ම දරුවන් වෙනුවෙන් කැපවූ මවද බවද හැරී හා විලියම් සිහිපත් කරයි.
චාල්ස් කුමරු සමග පැවති ඩයනාගේ විවාහය දෙදරා යමින් පැවති එම කාල වකවානුවේදී ඇය තම ඩොඩී අල්ෆයර්ඩ් සමග පැරීසියේ නිවාඩුවකට ගොස් සිටියදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඇගේ මරණය එදා සිට අද දක්වාම දැඩි අභිරහසක් ලෙසින්ද වරින් වර කතාබහට ලක්වෙයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

