රාජකීය විවාහ මංගල්‍යයෙන් හා භෝජන සංග්‍රහයෙන් පසුව ඊයේ (19දා) සවස මේගන් කුමරිය ෆ්‍රොග්මෝර් හවුස් වෙත හැරී කුමරු සමග පිටත්ව ගියේ ඩයනා කුමරියගේ නිල් වෛදූර්ය මුදුවද අත දරමිනි.
විවෘත වහලක් සහිත ජගුවාර් රථයක නැගී වේල්සයේ කුමරිය සිහිගන්වමින් මේගන් කුමරිය හෙවත්, වත්මන් සසෙක්ස් ආදිපාදවරිය ගමන් කළේ අතිශය උද්දාමයට පත්ව බව බොහෝ විදෙස් මාධ්‍ය පවසා තිබුණි.
ෆ්‍රොග්මෝර් හවුස් හි ඊයේ රාත්‍රියේ විශේෂ ආරාධිතයන් 200කට පමණ සුවිශේෂී භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණු අතර, වින්ඩ්සර් මාලිගය ආශ්‍රිතව රාත්‍රී අහස වර්ණවත් වන ගිනිකෙළි සංදර්ශනයක්ද පවත්වා තිබුණි.
රාත්‍රී සාදය සඳහා මේගන් කුමරිය ඇඳ සිටි ඇඳුම නිර්මාණය කර තිබුණේ ස්ටෙලා මැකාර්ට්නි විසිනි.
එමෙන්ම, මෙම උත්සව අවස්ථාව සඳහා කෝවර්ත් පාර්ක් හෝලටයේ සිට විශේෂ ආරාධිතයන් රැගත් ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථයක් පැමිණි බවද විදෙස් වාර්තා පවසයි.
දෙවැනි එළිසබෙත් රැජිනගේ වසර 66ක රාජ්‍යයත්වය තුළ විවිධ ජාතිකත්වයන් එක්කළ, බොහෝ දෙනෙකුගේ සිත් ඇදබැඳ ගත්, ඉතා ඉහළ විවිධත්වයකින් යුතු ප්‍රධාන උත්සවයක් සහ විවාහ මංගල්‍යයක් ලෙස හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යය හැඳින ගැනුණි.