බංග්ලාදේශයේ, ඩකා අගනුවර විදෙස් අවන්හලක් තුළ පසුගිය මාසයේ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 22 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කළ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කළ බව එරට පොලීසිය කියයි.
පොලීසියට කට්ටි පනිමින් සිටි බංග්ලාදේශ-කැනේඩියානු ජාතිකත්වයක් හිමි තම්මි චෞද්රි නමැති මෙම ත්‍රස්ත සැකකරුවා ඩකා අගනුවරට ආසන්න ස්ථානයකදී වෙඩි තබා ඝාතනනය කර ඇත්තේ විශේෂ ප්‍රතිත්‍රස්ත මෙහෙයුමකිනි.
මෙම පොලිස් මෙහෙයුමේදී තවත් ත්‍රස්ත සැකකරුවන් තිදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවද කියැවෙයි.
පසුගිය ජූලි 01 වැනිදා ඩගා අගනුවර හෝලි ආර්ටිසන් අවන්හලට කඩා වැදුණු ත්රස්තයන් එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් අතර, පැය 12කට අධික කාලයක් එරට ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් 13 දෙනෙකු බේරාගැනීමට හැකි වූ අතර, අවසානයේදී ප්රහාරයකයන් 6 දෙනෙකු මරා දමා එක් ත්‍රස්තයෙකු අත්අඩංගුවට ගැනුණි.
මෙම ප්‍රහාරයේදී අවන්හලේ ප්‍රාණ ඇපයේ සිටි 20 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගනු ලැබීය.
මෙම තමීම් චෞද්රි පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඇ.ඩො.25,000ක ත්‍යාගයක් ලබාදෙන බවත එරට ආරක්ෂක අංශ විසින් මීට සති කිහිපයකට දැන්වීමක් පළ කළ අතර, මොහු 2013 වසරේදී කැනඩාවේ සිට බංග්ලාදේශයට පැමිණ තිබුණි.