ඩකා නගරයේ වීදි දිගේ පසුගියදා රුධිර ගංගාවක් ගලා යෑම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල අඩවිතුළ සුවිශේෂී කතාබහක් ඇතිව තිබේ.
බංග්ලාදේශයේ ඩකා වැසියන් පසුගියදා ඊද් උත්සවය සැමරීමත් සමග මේ ආකාරයෙන් නගරයම රුධිර ගංගාවකින් වැසී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊද් උත්සවය වෙනුවෙන් මරණයට කැප කරන ලද සතුන්ගේ රුධිරය ඩකා අගනුවර බොහෝ ප්රදේශවල පැවති ගංවතුර සමග මිශ්ර වීමෙන් මේ ආකාරයෙන් රුධිර ගංගාවක් සෑදී තිබූ බව බී.බී.සී.ය පවසයි.
ඩකා අගනුවර වීදි හා ජනාකීර්ණ ගොඩනැගිලිවලට අයත් රථ ගාල් තුළ මේ ආකාරයෙන් සතුන් බිලිදීම සිදුකර ඇති අතර, බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි මේ වසරේදී ලක්ෂයකට වඩා වැඩි සතුන් ප්රමාණයක් මරණයට කැප කරමින් මරා දමා තිබේ.
පසුගිය අඟහරුවාදා ඊද් උත්සවය සමරන අතරවාරයේදී ඩකා අගනුවර ආශ්රිතව දැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමග මරණයට පත්වූ සතුන්ගෙන් ගලාගිය රුධිරය ඒ වර්ෂා ජලයත් සමග මුසුවීමෙන් නගරයේ බොහෝ ප්රදේශ මේ ආකාරයෙන් රුධිර ගංගාවකින් යට වී ඇත.