2015 වසරේ ප්රථම මාස 6 දී ලොව වැඩිම මෝටර් රථ අලෙවියක් පෙන්වමින් වොක්ස්වැගන් සමාගම ටොයොටා සමාගමේ කිරුළ උදුරාගෙන ඇති බව සී.එන්.එන්. වාර්තා කරයි.
මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල වාහන අලෙවි දත්ත සලකා බැලීමේදී ජර්මානු වොක්ස්වැගන් සමාගම තරගකාරී ටොයොටා සමාගමට අභියෝගයක් එල්ල කර ඇත.
ඒ අනුව, 2015 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ වොක්ස්වැගන් සමාගම මෝටර් රථ මිලියන 5.04ක් අලෙවි කර ඇති අතර, එම කාලය තුළ ටොයොටා සමාගම අලෙවි කර ඇත්තේ මෝටර් රථ මිලියන 5.02ක් පමණි.
අවුඩි හා පෝෂ් යන මෝටර් රථ මාදිලිවලද හිමිකාරීත්වය දරණ වොක්ස්වැගන් සමාගම පෙන්වා දෙන්නේ අභියෝගාත්මක පරිසරයක තම සමාගමේ ක්රියාකාරීත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවයි.