ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක ඉරිදා දේව මෙහෙය අතර තුවක්කුකරුවෙකු එල්ල කළ විවාත වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆර්ස්ට් බැප්ටිස්ටිස්ට් දේවස්ථානය වෙත එරට වේලාවෙන් දහවල් 11.30ට පමණ ඇතුළු වූ මෙම තුවක්කුකරු විවෘත වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂය ටපත්ව තිබේ.
එමෙන්ම, ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසද 20කට ආසන්න බවත්, ඔවුන් වහාම රෝහල් ගතකර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙය ටෙක්සාස් ඉතිහාසයේ සිදුවූ අතිශය ඛේදජනකම වෙඩි තැබීම බව ටෙක්සාස් අණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසයි.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව තුවක්කුකරු 26 හැවිරිදි ඩෙවින් පී කෙලී ලෙස හඳුනා ගත්තද, පොලීසිය විසින් මෙය තවමත් තහවුරු කර නොමැත.
එමෙන්ම, ප්‍රහාරයට හේතුවද මෙතෙක් අනාවරණය කර නොමැත.