ටෙක්සාස් ප්රාන්තයේ දේවස්ථානයක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකළ සමූල ඝාතකයා පිළිබඳ අපරාධ තොරතුරු ජාතික දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට නොහැකි වීමේ දෝෂයක් සිදුවීද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ඇමෙරිකානු ගුවන් හමුදාව පවසයි.
හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන ඩෙවින් පැට්රික් නැමැත්තා මෙම ප්රහාරය සිදුකර තිබූ අතර, ඔහු 2012 වසරේදී සිදුකළ ප්රචණ්ඩ ක්රියාවක් හේතුවෙන් යුදාධිකරණයකට ඉදිරිපත් කළ අයෙකි. එහිදී, ඔහුට ගිනි අවි ළඟ තබාගැනීම හා මිලදී ගැනීම තහනම් කර තිබී ඇත.
කෙසේ වෙතත්, පසුගිය වසරේදී ඔහු රයිෆලයක් මිලදී ගෙන ඇති අතර, ශාන්ත අන්තෝනියෝ දේවස්ථානය ඉදිරිපිට පුද්ගල ජීවිත 26ක් මරා දමමින් ඔහු වෙඩි තැබීම සිදුකර තිබුනේද එම රයිෆලය යොදාගනිමිනි.
මෙම ඝාතන සිදුකිරීමෙන් පසුව මෝටර් රථයෙන් පළායමින් සිටි ඔහුව පසුව ඔහුගේ මෝටර් රථය තුළදීම සොයාගන්නා විට ඔහු වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව සිටියේය.
එම ස්ථානයේ සිටි අසල්වාසීන් සිදුකළ වෙඩි තැබීමකින් සිදුවූ තුවාලයකින් ඔහු ජීවිතක්ෂයට පත්වූවාද යන්න පැහැදිලි නැත.
ඇමෙරිකාව තුළ ගිනි අවි පාලනය සම්බන්ධයෙන් වසර ගණනාවක සිට කතාබහක් ඇති වුවත්, තවමත් ඇමෙරිකානු සමාජය තුළ සුලභව ඇති ගිනිඅවි හේතුවෙන් වාර්ෂිකව සිදුවන ඝාතන නිරන්තරයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.