ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග එළැඹෙන සතියේදී වොෂිංටනයේදී සිදුකිරීමට ගිය හමුව අවලංගු කිරීමට මෙක්සිකෝ ජනපති එන්රීක් පීනා නීටෝ කටයුතු කර තිබේ.
නව ජනපති ට්රම්ප් මෙක්සිකෝ - ඇමෙරිකානු දේශසීමා හරහා තාප්පයක් ඉදිකිරීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් දිනකට පසුව මෙක්සිකෝ ජනපතිවරයා මේ සම්බන්ධයෙන් සිය හඬ අවදි කළේය.
එමෙන්ම, ට්රම්ප් කියා සිටියේ මෙම තාප්පය ඉදිකිරීමට යන වියදම මෙක්සිකෝවෙන් අය කරගැනීමටද ඇමෙරිකාව කටයුතු කරන බවයි.
රිපබ්ලිකන් සෙනට් සභිකයන් පවසා සිටියේ මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඇඩො.බිලියන 12 - 15ත් අතර මුදලක් වැයවෙනු ඇති බවයි.
එළැඹෙන ජනවාරි 31 වැනිදා ඇමෙරිකාවේ සිදුකිරීමට තිබූ සංචාරය ට්රම්ප්ගේ ප්රකාශයෙන් පසුව අවලංගු කිරීමට සිදුවූ බව මෙක්සිකෝ ජනපතිවරයා පැවසීය.