ට්‍රම්ප් සහ කිම් හමුව ජුනි මස 12දා සිංගප්පූරුවේදී
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග ඒ ඓතිහාසික හමුව ජුනි මස 12දා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"ඉතා බලාපොරොත්තුවෙන් සිටින කිම් ජොන්ග්-උන් සහ මා සමග හමුව ජූනි 12දා සිංගප්පූරුවේදී සිදුවේවි" යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් මෙය නිවේදනය කර තිබුණි.
"ඒ මොහොත ලෝක සාමය වෙනුවෙන් වඩාත් තීරණාත්මක අවස්ථාවක් බවට පත්කර ගැනීමට අප දෙදෙනාම උත්සාහ කරනවා" යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.
උතුරු කොරියානු නායකයාගේ ආරාධනය ඇමෙරිකානු නායකයා පිළිගැනීමත් සමග මෙම හමුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් ලෝකයම දෑස් අයා සිටි බව නොරහසකි.
මන්දයත්, එය මෙම දෙරටේ නායක දෙපළක් මුල් වරට හමුවන වඩාත් ඓතිහාසික සිදුවීමක් මෙන්ම, මෑතක් දක්වාම එදිරිව සිටි රාජ්‍යයන් දෙකක් එකම මේසයකට පැමිණෙන සුවිශේෂී මොහොතක් බවට පත්වන නිසාය.
මෙම හමුව කොරියානු යුද මුක්ත දේශසීමා කලාපයේදී පැවැත්වීමට ඇමෙරිකානු බලධාරීන් මුලින් අදහස් කරගෙන සිටි අතර, මොංගෝලියාවද මෙම හමුව සඳහා සුදුසු රාජ්‍යයක් ලෙස සලකනු ලැබීය.
කෙසේ වෙතත්, අවසානයේදී සිංගප්පූරුව වඩාත් සුදුසුම ස්ථානය ලෙස නායක දෙපළම විසින් තීරණයකට එලඹ ඇති බව පැවසේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

