නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා ට්‍රම්ප් සම්ප්‍රදායානුකූල බාල් නර්තනයට ඊයේ (20දා) එක්වූහ.
එමෙන්ම, සම්ප්‍රදායානුකූලව සිදුවන කේක් කැපීමද ජනපති හා උප ජනපති අතින් සිදුවූයේ රැස්ව සිටි පිරිසේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
මෙම නර්තනය සඳහා ඇමෙරිකානු හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වූ අතර, එහිදී, ට්‍රම්ප් හමුදා රූමත් නිලධාරිනියක් සමග නර්තනයේ යෙදෙද්දී, මෙලානියා කඩවසම් හමුදා නිලධාරියෙකු සමග නර්තනයේ යෙදුණි.
එමෙන්ම, උප ජනපති පෙන්ස් හා අර්යාවද එම නර්තනයන්ට එක්ව සිටි අතර, පසුව නර්තනය සඳහා ට්‍රම්ප්ගේ දියණියන්, පුතුන්, බෑණාවරුන් හා ලේලියන්ද සහභාගී වූහ.
මෙහිදී, ජනපති ආර්යාව වඩාත් කැපී පෙනෙන චරිතයක් වූ අතර, එම සුවිශේෂී රාත්‍රියේ වඩාත් ආකර්ෂණීය චරිතය බවට ඇය පත්ව සිටියේ දියණිය ඉවන්කාද පරයා යමිනි.