ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය සඳහා වූ 2020 ජනපතිවරණයේදී සිය මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකාරවරයා ලෙස ඔහුගේ එක් දේශපාලන මූලෝපාය නිලධාරියෙකු පත් කර තිබේ.
2011 වසරේදී ට්‍රම්ප් ව්‍යාපාරයේ ඩිජිටල් මාධ්‍ය මූලෝපාය නිලධාරීවරයා ලෙස රාජකාරී ඇරඹි බ්‍රැඩ් පාර්ස්කේල් වෙත ඔහු මෙම අවස්ථාව ලබාදීමට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිහිනය යථාර්ථයක් කරනු වස් ඔහු වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන ලෙස වර්ෂ 2015 දී ට්‍රම්ප් විසින් බ්‍රැඩ් වෙත පවරන ලදී.
ගිලීස්-පාර්ස්කේල් ඔහුගේ ආයතනය විසින් 2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ඇ.ඩො.මිලියන 94ක මුදලක් ලබාගෙන තිබුණි.