ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ට්විටර් ගිණුම කෙටි වේලාවකට ඊයේ (02දා) හදිසියේ අතුරුදන් වූ බව එම සමාජජාලය නිවේදනය කරයි.
එම ගිණුම ට්විටර් ආයතනයේ සේවකයෙකු අක්රීය කර ඇති බවත්, එම සේවකයා සිය සේවයේ අවසන් දිනයේදී මේ ආකාරයෙන් විනාඩි 11ක කාලයක් ජනපතිගේ ගිණුම අක්රීය කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙලි වී තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ට්විටර් සමාජජාලය පවසයි.
අනුගාමිකයන් මිලියන 41.7ක් හිමි ට්රම්ප්ගේ ට්විටර් ගිණුම මේ ආකාරයෙන් අක්රීය කිරීම සම්බන්ධයෙන් ඔහු කිසිදු නිවේදනයක් හෝ ට්විටර් පණිවුඩයක්වත් මෙතෙක් ඉදිරිපත් කර නොතිබුණි.
ඒ අනුව බ්රහස්පතින්දා සවස අදාළ කාලය තුළ මෙම ගිණුමට ඇතුළු වූ අයට පෙන්නට තිබුණේ "Sorry, that page doesn't exist!" යන පණිවුඩය පමණි.