සිරියාවේදී අනතුරට පත් ජෝර්දාන ප්‍රහාරක යානය ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් අනතුරට පත් නොවූ බව ඇමෙරිකාව පවසයි.
බදාදා උදෑසන F16 ප්‍රහාරක යානය සිරියාවේදී අනතුරට පත්වූ අතර, එහි ගුවන් නියමුවා අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවිය.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් මුලින් පවසා සිටියේ තමන් තාප සංවේදී මිසයිල ප්‍රහාරයකින් යානය බිම හෙලූ බවයි. නමුත්, එය සැබෑවක් නොවන බව පැහැදිලි බව ඇමෙරිකාව අවධාරණය කරයි.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ගෙනයන සටනට ගුවන් ප්‍රහාර එල්ල කරන අරාබි රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස ජෝර්දානය සැලකෙයි.
මෙම යානය පසුගිය සැප්තැම්බරයේ ගුවන් ප්‍රහාර ආරම්භයෙන් පසු බිම හෙලුණු ප්‍රථම යානයයි.