ජෙට් සූට් ලෝක වාර්තාව ජයගත් සැබෑ අයන් මෑන්
ජෙට් සූට් ඇඳුමකින් සැරසී සිදුකළ ලොව වේගවත්ම ගුවන් ගමන සිදුකරමින් සැබෑ ලෝකයේ අයන් මෑන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ජෙට් සූට් පැළඳ සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රකට රිචඩ් බ්‍රවුනින් වැඩි දෙනෙකු හඳුන්වන්නේ අයන් මෑන් ලෙසිනි.
බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබුණු අතර, මෙය ඔහු විසින්ම නිර්මාණය කළ සුවිශේෂී ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයකි.
ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම හෙවත්, ග්ලයිඩින් සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කළේය.
ඔහුගේ නවතම ජෙට් සූට් එක නම් කර ඇත්තේ ඩේඩලස් යනුවෙනි. ඊට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර, ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබේ.
එහි සමස්ත බර රාත්තල් 286කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



