තමිල්නාඩුව තුළ ජල්ලිකට්ටු ගොන්පොර ක්‍රීඩාවට මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තාවකාලික අවසරයක් හිමිවීමත් සමග පැවැත්වූ ගොන් පොරයකදී ගොන්නු පහරදීම නිසා පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, දකුණු ඉන්දියාව තුළ මෙම ක්‍රීඩාවට සහාය දක්වමින් අද (23දා) දිනයේදී තවදුරටත් උද්ඝෝෂණ පැවත් බවත්, රථ වාහන කිහිපයක් මෙහිදී ගිනිබත් කර ඇති බවත් ඉන්දීය පොලීසිය පවසයි.
2014 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජල්ලිකට්ටු තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර, පසුව මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් පසුගිය සෙනසුරාදා සිට මෙම තහනම තාවකාලිකව ඉවත් කරනු ලැබීය.
තමිල්නාඩුව පුරා මෙම පාරම්පරික ක්‍රීඩාව පැවැත්විය යුතු බව පවසමින් සිදුවූ දැවැන්ත උද්ඝෝෂණ මාලාව මෙසේ තහනම තාවකාලිකව ඉවත් කිරීමට හේතු විය.