තමිල්නාඩුව සමග තවදුරටත් ජලය බෙදාහදා ගන්නා ලෙස කර්නාටක ප්රාන්තයට අධිකරණ නියෝගයක් ලැබීමත් සමග බැංගලෝරයේ දරණු උද්ඝෝෂණ ඇති වී තිබේ.
මෙම තීන්දුවත් සමග උරණ වූ කර්නාටක ප්රාන්තයේ, බැංගලෝර් වැසියන් කඩ හා වාහන ගිනිබත් කරමින් කලහකාරී හැසිරුණු බව විදෙස් වාර්තා පවසයි.
එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා තෙක් කර්නාටක ප්රාන්තයේ කෝවරි ගංගාවෙන් තත්ත්පරයට කියුබික් අඩි 12,000ක ජලය තමිල්නාඩුව වෙත මුදාහැරිය යුතුය.
කෙසේ වෙතත්, කර්නාටක ප්රාන්තයේ ජලය තමිල්නාඩුවට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට මෙම ගැටුම් උද්ගත වී ඇත.
විශේෂයෙන්ම තමිල්නාඩු ලියාපදිංචි අංක තහඩු සහිත වාහන මෙම උද්ඝෝකයන් විසින් ගිනිබත් කර ඇති බවත්, ප්රාන්තයේ ආරක්ෂාවට 15,000ක පමණ පොලිස් බල ඇණියක් යොදවා ඇති බවත් කියයි.