ජර්මනියේ නගර කිහිපයක පැරණි ඩීසල් මෝටර් රථ තහනම් කිරීමේ අධිකරණ නියෝගයක් ලැබී තිබේ.
එරට ලෙයිප්සික් හි ෆෙඩරල් පරිපාලන අධිකරණය පවසා සිටියේ ස්ටට්ගර්ට් සහ ඩුඑසෙල්ඩෝර්ෆ්ට් යන නගරවල ඉතා පැරණි හා ඉහළ පරිසර දූෂණයක් සහිත ඩීසල් වාහන ඉදිරියේදී තහනම් කෙරෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ඩීසල් රථ තහනමට ජර්මානු රජය මීට පෙර එරෙහිව යමින් පවසා තිබුණේ, මේ තුළින් යම් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය හැකි බවකි.
නමුත්, මේ අධිකරණ ක්‍රියාවලිය පූර්වාදර්ශයට ගනිමින් යුරෝපය පුරා ඩීසල් මෝටර් රථ තහනමක් ඇතිවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පෙර සඳහන් කළ නගරවල පහළ අධිකරණ විසින් ඩීසල් මෝටර් රථ තහනමට එරෙහිව ගෙනා අධිකරණ නියෝගයට එරෙහිව ජර්මානු රජය විසින් ඉදිරිපත් කළ ඇපෑල මේ ආකාරයෙන් ජර්මනියේ ඉහළම ෆෙඩරල් අධිකරණය හමුවේ පරාජයට පත්වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ඩීසල් වාහන තහනම අධිකරණය හමුවට ගෙනඒම ජර්මනියේ පාරිසරික සංවිධානයක් වන ඩී.යූ.එච්. විසින් සිදුකරන ලදී.