ජර්මනිය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් එවනු ලැබූයේ යැයි සැක කෙරෙන සිරියානු තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
13දා උදෑසන මොවුන් අත්අඩංගුවට පත් තිබුණේ උතුරුදිග ජර්මනියේ සිදුකරන ලද වැටලීම්වලදීය.
ජර්මානු පොලීසියේ අත්අඩංගුවට පත්ව සිටින මෙම සිරියානුවන් තිදෙනො වයස අවුරුදු 17, 18 සහ 26 යන වයස්වල පසුවන්නන් බවට අනාවරණය කෙරෙයි.
මොවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් තුර්කිය හා ග්‍රීසිය හරහා ජර්මනියට සංක්‍රමණය වූවන් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇතත්, ඔවුන්ගේ ප්‍රහාරය කවදා, කොතැනකදී සිදුකරන්නට සැලසුම් කර තිබුණේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.
කෙසේ වෙතත්, ඔවුන් මෙම ප්‍රහාරය සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව ඇති බවත්, එහිදී එක් තරුණයෙකු සිරියාවේදී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පුහුණුවක් ලබා පැමිණි අයෙකු බවත් ජර්මානු පොලීසිය වැඩිදුරටත් පවසයි.