මත්පැන් පානය කොට රිය ධාවනය කරමින් සිදුවූ රිය අනතුරකින් පසුව ජපානයේ, ඔකිනාවා දූපතේ රඳවා සිටින සියලු ඇමෙරිකානු සෙබලුන්ට මත්පැන් පානය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
එමෙන්ම, එම සියලු ඇමෙරිකානු සෙබලුන්ට තම හමුදා කඳවුරේ මෙන්ම, තම නිවසේ රැඳී සිටින ලෙසටද උපදෙස් ලැබී ඇත.
පසුගිය ඉරිදා මැරීන් සෙබලෙකු විසින් ධාවනය කළ ට්රක් රථයක්, ජපාන වැසියෙකු ධාවනය කළ කුඩා වෑන් රථයක හැපීමෙන් එම රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්විය.
එම අවස්ථාවේදී මැරීන් සෙබලා මත්පැන් පානය කර සිට ඇති බව සොයාගෙන ඇති අතර, මේ තත්ත්වය තුළ ඇමෙරිකානු සෙබලුන්ට මෙම නියෝග ලැබී තිබේ.