ජපානයේ අතීත ලිංගික වහල් සේවයට කොරියා විරෝධයක්
යුද සමයේ ලිංගික වහලෙකු දැක්වෙන ප්රතිමාවක් දකුණු කොරියාවේ ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට තබමින් විරෝධතාවක් ඇරඹීමත් සමග සිය තානාපතිවරයා ඉවත්කර ගැනීමට ජපානය කටයුතු කර තිබේ.
දකුණු කොරියානු ක්රියාධරයන් පිරිසක් විසින් මෙම ප්රතිමාව බූසාන් හි පිහිටි තානාපති කාර්යාලය ඉදිරිපිට තබා තිබුණේ පසුගිය මාසයේදීය.
දෙවැනි ලෝක යුද සමයේදී දකුණු කොරියානු කාන්තාවන් විශාල වශයෙන් ජපාන හමුදාවේ ලිංගික වහල් සේවයේ යොදවා තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මේ වනවිට දෙරට අතර පවතින එකඟතාව මෙවැනි ප්රතිමා තැන්පත් කරමින් යළි යළිත් සිහිපත් කිරීම හේතුවෙන් බිඳ වැටෙන බව ජපානය කියයි.
පුටුවද වාඩි වී සිටින දකුණු කොරියානු තරුණියක ලෙස මෙම ප්රතිමාව නිර්මාණය කර ඇති අතර, එය ජපානය මේ සම්බන්ධයෙන් නිසි සමාව ගැනීමක් නොකිරීම පිළිබිඹු කරන්නක් බව ක්රියාධරයෝ පවසති.
දෙවැනි ලෝක යුද සමයේදී දකුණු කොරියානු කාන්තාවන් ලක්ෂ 2ක් පමණ ලිංගික වහළ් සේවයේ යොදවා තිබූ බව කියැවෙයි. මීට අමතරව, චීන, පිලිපීන, ඉන්දුනීසියානු හා තායිවාන කාන්තාවන්ද ජපාන හමුදාවේ ලිංගික වහලුන් ලෙස ක්රියාකර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

