ජපානයේ මාකෝ කුමරිය සිය විශ්වවිද්‍යාල ප්‍රේමය මල්ඵල ගන්වමින් පැවැත්වීමට ගිය විවාහ උත්සවය 2020 දක්වා කල්දමා තිබේ.
අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිනිපිරියක වන 26 හැවිරිදි මාකෝ කුමරිය, නීති සමාගමක සේවය කරන තම පෙම්වතා සමග වූ විවාහය කල් දැමීමට කටයුතු කර ඇත්තේ ඒ සඳහා සූදානම් වීමට කාලවේලාව ප්‍රමාණවත් නොවූ බව පවසමිනි.
ලබන වසරේදී රාජකීය පවුලේ සිදුවන වැදගත් සිදුවීම් කිහිපයක් සමග ඇතිවන කාර්ය බහුලත්වය ඇයගේ විවාහය කල් යෑමට හේතු වී ඇති අතර, ඒ අතරට අධිරාජ්‍යයා සිය ධුරයට සමුදීමද සැලසුම් වී තිබේ.
අකිහිතෝ කුමරිය සාමාන්‍ය පවුලකින් පැවත එන කොමුරෝ සමග විවාහ දිවියට ඇතුළු විමත් සමග ඇයගේ රාජකීයත්වය අහිමි වනු ඇත.