ජපානයේ සාම හමුදා යොමුකිරීම සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ ලේඛන සැඟවූ බවට චෝදනා ලැබූ එරට ආරක්ෂක අමාත්‍ය ටොමිමෝ ඉනාඩා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එරට වත්වන් අගමැති ෂින්සෝ අබේ හිතවාදියෙකු වූ ඇය, එරට ප්‍රථම අගමැතිනිය වීමේ බලාපොරොත්තු ඇති කළ දේශපාලන චරිතයක් බවද විදෙස් වාර්තා පවසයි.
ජපාන අගමැති අබේ, තම හිතෛෂීන්ට තනතුරු පිරිනමන බවට නැඟෙන චෝදනා අතරතුර ආරක්ෂක අමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම සිදුවීමද විශේෂත්වයකි.
දකුණු සුඩානයේ ආරක්ෂකව තර කිරීම සඳහා එහි යොදවා සිටි සාම සාධක භටයන් සම්බන්ධ ලොග් සටහන ඉවත්කර ඇති බවට නැඟුණු චෝදනා මෙන්ම, පසුව පරිගණකයක තිබී එම දත්ත සටහන් හමුවූ අවස්ථාවේදී ඒවා හිතාමතා සැඟවීමට උත්සාහ දරා ඇති බවට චෝදනා එල්ල විය.
2016 වසරේදී එරට ආරක්ෂක අමාත්‍යවරිය ලෙස පත්කළ ටොමිමෝ ඉනාඩා අවස්ථා කිහිපයකදීම චෝදනාවන්ට ලක්වූ අතර, ඇය ධුරයෙන් ඉවත්වූ වහාම අගමැතිවරයාද ජනතාවගෙන් සමාව ඇයද සිටීමට කටයුතු කර තිබුණි.
.jpg)