දෙවැනි ලෝක යුධ සමයේදී මිට්සුබිෂී කෝපරේෂන් හි සේවය සඳහා බලහත්කාරයෙන් ඇමෙරිකානු යුද සිරකරුවන් යොදාගැනීම සම්න්ධයෙන් එම සමාගම ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සැරසෙයි.
ඒ අනුව, සමාගමේ විධායක නිලධාරියෙකු විසින් එකී සිරකරුවන් නියෝජනය කරමින් ඔවුන්ගේ ඥාතියෙකුගෙන් මෙසේ සමාව ගැනීමට සැරසෙයි.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සයිමන් වෙයිසෙන්තල් මධ්‍යස්ථානයේදී මෙම සමාව ගැනීම සිදුවනු ඇති බවත්, මෙය ජපාන රජයේ මැදිහත් වීමකින් තොරව සමාගම විසින් සිදුකරන්නක් බවත් කියැවෙයි.
ජපාන සමාගමක් විසින් ඇමෙරිකානු යුධ සිරකරුවන්ගෙන් මෙසේ සමාව ඉල්ලා සිටින ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.