ජපානය හා චීනය අතර දේශසීමා සම්බන්ධයෙන් අමනාපයකට හේතු වී ඇති දූපත්වල අයිතිය සම්බන්ධ ප්‍රශ්නයද, වොෂින්ටනය හා ටෝකියෝව අත්සන් තබා ඇති ආරක්ෂක සම්මුතිය මගින් ආවරණය වන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා තහවුරු කර තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇඟට නොදැනී පවසා ඇත්තේ මෙම ප්රශ්නයේදී ඇමෙරිකාවේ සහාය ජපානය වෙත හිමිවන බවය.
සිය ආසියානු සංචාරය ඇරඹීමට පෙර ජපනයේ පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජනාධිපති ඔබාමා කියා සිටියේ නැගෙනහිර චීන මුහුදේ ඇති ජනශුන්‍ය දුපත්වල අයිතිය පිළිබඳව ජපානයට ඇති අයිතිය සුළුකොට තැකීමේ ඕනෑම උත්සාහයකට ඇමෙරිකාව විරුද්ධ බවය.
ඇමෙරිකානු නියෝජිතයන් මීට පෙරද ජපානය වෙත සහාය පළ කරන අදහස් දැක්වීම් සිදුකර තිබුණත්, ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙසේ ඇමෙරිකාව වෙත වැඩි ඇඟෑලුම්කමක් පෑ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී දකුණු කොරියාව, පිලිපීනය හා මැලේසියාව යන රටවලද සංචාරය කිරීමට නියමිතය.