ජනපති ආර්යාව ලෙස සිය අවසන් දිනය ගත කළ මිෂෙල් ඔබාමා ඊයේ (20දා) දැක්වූ හැසිරීම විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව තිබේ.
විශේෂයෙන්ම, නව ජනපති ධුරයට පත් ට්‍රම්ප් හා මෙලානියා ධවල මන්දිරයට පැමිණි මොහොතේ සිට මිෂෙල්ගේ හැසිරීම බොහෝ අවධානයට ලක්විය.
එහිදී, ධවල මන්දිරයට පැමිණි මෙලානියා විසින් මිෂෙල් වෙත ගෙනඑනු ලැබූ ත්‍යාගයද ඇය නොසන්සුන් කළ අතර, එය අවසානයේදී ඔබාමාට ගැනීමට සිදුවිය.
එමෙන්ම, දිවුරුම්දීමේ අවස්ථාවේදී ඇය ඇස් අගින් මෙලානියා දෙස යොමන බැලුම් විදෙස් මධ්‍ය කාචවල සටහන් වූ අතර, ජනපති උෂ්ණය අත්හැරීම අතිශය අපහසු බව හිටපු ජනපති ඔබාමාට වඩා මිෂෙල්ගේ මුහුණින් දිස්විය.