ඉන්දු කාශ්මීරයේ හමුදා සොල්දාදුවෙකු හා ඉහළ නිලයක් අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් දුරදිග යාමෙන් ජීවිත හානියක් සිදුව තිබේ.
රාජකාරී කටයුතුවලදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන ලෙසට ඔහුගේ අණදෙන නිලධාරියා විසින් මෙම සොලුදාදුවාට දැඩිව අවවාද කරමින් තරවටු කර ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනයට හානි සිදුව ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මින් කෝපයට පත් සොල්දාදුවා තම අණදෙන නිලධාරියා ළඟ සිට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීම ඉන්දීය ආරක්ෂක අංශ යටපත් කරමින්, එම සොල්දාදුවාගේ අනන්‍යතාවද ප්‍රකාශයට පත්කර නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය මෙන්ම, හමුදාවද අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.