දකුණුදිග චීනයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ග්වාන්ග්ඩොන්ග් පළාතේ, ගොආසු ගම්මානයේදී නීති විරෝධී ලෙස ඉදිකර තිබූ මෙම පාලම කඩා වැටීමත් සමග එම ස්ථානයේදීම පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
බලධාරීන් මේ වනවිටත් පරීක්ෂණ අරඹා ඇති අතර, පාලම ඉදිකිරීමේ කොන්ත්රාත්කරු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
පාලම කඩා වැටෙන විට ඒ මත පුද්ගලයන් 26 දෙනෙකු කොටුවී සිටි බව කියැවෙයි.
එම අනතුරින් තුවාල සිදුවූවන් වහාම රෝහල්ගත කර අතර, ඔවුන් සුන්බුන් අතරින් ගොඩගෙන තිබුණි.