චීනයේ, බීජිං අගනුවර දකුණුදිග ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ප්‍රදේශය වෙලාගෙන තිබූ ගිනිදැල් නිවීම සඳහා ගිනි නිවන හමුදාවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. නමුත්, මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව බීජිං පොලීසිය පවසයි.
චීනයේ අභ්‍යන්තර පළාත්වලින් පැමිණෙන සංක්රමණික් සේවකයන් රැඳී සිටින ඩැක්සින් දිස්ත්‍රික්කය ආශ්‍රිතව මෙම ගින්න හටගෙන ඇති බවත්, මෙම කලාපයේ මිල අඩු ලැගුම්හල් රැසක් පවතින බවත් සඳහන් වෙයි.
එමෙන්ම, ගින්න ඇති වූ ප්‍රදේශයේ කුඩා නිමි ඇඳුම් කර්මාන්ත ශාලා කිහිපයක් පවතින බවද කියැවේ.
ගිනි නිවන රථ 30ක් සහ ගිනි නිවන භට කණ්ඩායම් 14ක් ගින්න නිවීම සඳහා පැය තුනකට අධික වෙහෙසක් දරා ඇති බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.