චීනයේ පළමු ගුවන් යානා හාරක යානය බටහිර පැසිෆික් සාගර කලාපය දක්වා ගමන් කර ඇති අතර, මෙය සුපුරුදු ගුවන් අභ්‍යාස සඳහා සිදුකළ සංචාරයක් බව චීනය පවසයි.
ලියාඔනින්ග් නෞකාව මේ ආකාරයෙන් බටහිර පැසිෆික් කලාපය දක්වා ගැඹුර මුහුද වෙත ගමන් කළ ප්‍රථම අවස්ථාව මෙය බවද චීන රජය පවසයි.
කෙසේ වෙතත්, යාත්‍රාව ගමන් කළ ස්ථානය, ගමන් මාර්ගය, අභ්‍යාසය සඳහා වැයවන කාලය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමටද චීනය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම අභ්‍යාසය වෙත දැඩි සෝදිසියෙන් පසුවන බව තායිවාන ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, ජපානයද මෙම අභ්‍යාසය පිළිබඳව ජපානයද සෝදිසියෙන් පසුවී ඇති නමුත්, එම අභ්‍යාසයෙන් ජපානයේ මුහුදු කලාපය වෙත අවදානමක් නොමැති බවද ඔවුන් පවසා තිබේ.
