නැගෙනහිර චීනයේ කර්මාන්ත ශාලාවක හටගත් පිපිරීමකින් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය පවසයි.
ජියාන්ග්ෂු පළාතේ, කුන්ෂාන් නගරයේ සිදුව ඇති මෙම පිපිරීමෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කෙරුණු ඡායාරූපවල පිළිස්සුම් තුවාල ලබා ඇති පුද්ගලයන් රැසකගේ ඡායාරූප දැකත හැකිවිය.
එමෙන්ම, මේ වනවිටත් මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුවන බවත්, පිපිරීමට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් චීන මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
චීනයේ මධ්‍යම රූපවාහිනී සේවය පෙන්වා දෙන්නේ මෙම කර්මාන්ත ශාලාව සොන්ග්රොන්ග් ප්ලාන්ටින්ග් සමාගමට අයත් එකක් බවයි. එය මෝටර් රථ කොටස් නිෂ්පාදනය කරන සමාගමක් වන අතර, පිපිරීම සිදුවන අවස්ථාවේදී එය පුද්ගලයන් 450ක් පමණ සිට ඇති බවත් කියැවෙයි. එම රූපවාහිනිය පෙන්වාදෙන පරිදි මෙම කර්මාන්ත ශාලාව ඇමෙරිකානු ජෙනරල් මෝටර්ස් සමාගමට සේවා සපයන ආයතනයකි.