චීනයේ, නැගෙනහිර සෙයිජියෑන්ග් පළාතට බලපෑ චාන් හොම් චණ්ඩ මාරුතය පැයට කිලෝ මීටර් 173 ඉක්මවූ සුළං සමග ගොඩබිම වෙත කඩා වැදී තිබේ.
මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් වෙරළාශ්රිත ප්රදේශවල මිලියනකට අධික ජනතාවකට උන්හිටිතැන් අහිමි වී ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථාන කර යොමුකර ඇත්තේ, ඉන් මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවක්ද සිකුරාදා දිනය වනවිට ඇති වී තිබුණු බැවිනි.
චාන් හොම් චණ්ඩ මාරුතය මේ වනවිට ෂැංහයි නගරය පසුකරමින් උතුරු දිශාව වෙත ඇදෙන බව එරට කාලගුණ බලධාරීහු පවසති.
මෙම චණ්ඩ මෙම සතිය මුලදී තායිවානයට හා ජපානයටද බලපෑ අතර, ඉන් පුද්ගලයන් පිරිසක් තුවාල ලැබීය.