චීනයේ වූහාන් පළාත වෙත බලපා තිබූ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසුව මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මිලියන 10ක පමණ ජනතාවක් ජීවත් වන මෙම නගරයේ විදුලිය, ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, ගමනාගමන පද්ධතියද අඩපණ වී ඇති බව කියයි.
එරට මාධ්‍ය පවසන ආකාරයට මධ්‍යම හා දකුණුදිග චීනයට මෝසම් වර්ෂාවත් සමග බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් මියගිය පිරිස 186ක් බවත්, අතුරුදන් පිරිස 45ක් බවත් කියයි.
මෙම ගංවතුර තත්ත්වය රට පුරා පළාත් 26කට බලපා ඇති අතර, එය මිලියන 32ක් ජනතාවට සෘජුවම බලපා ඇති බවද කියයි.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 1.4ක ජනතාවක් වෙනත් ස්ථානවල ආරක්ෂිතව රඳවා ඇති බවත්, නිවාස 56,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් චීන රජය පවසයි.