චීනය හා රුසියාව අතර යුද අභ්‍යාසය ආරම්භ වෙයි
රුසියාව සමග යුද අභ්‍යාස සිදුකිරීම සඳහා පැමිණි රුසියානු යුද නෞකා ත්‍රිත්වය මේ වනවිට බෝල්ටික් මුහුදේ අභ්‍යාස අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන යුද නෞකාවක්, ආරක්ෂණ නෞකාවක් සහ සැපයුම් නෞකාවක් සතියක පමණ කාලයක් මෙම යුද අභ්‍යාසයට රුසියාව සමග සම්බන්ධ වන අතර, එය මෑත කාලයේදී දෙරට අතර පැවැත්වෙන අතිශය ප්‍රබල යුද අභ්‍යාසයක් බවද කියැවෙයි.
හෙෆායි නමැති චීනයේ ප්‍රධාන යුද නෞකාව ප්‍රබල මිසයිලවලින් පවා සන්නද්ධ යුද නෞකාවක් බව පැවසෙයි.
මෙම යුද අභ්‍යාසයට රුසියාව විසින්ද ප්‍රබල යුද නෞකා දෙකක් යොදාගැනීමට බලාපොරොත්තු වන අතර, තවත් ආරක්ෂණ නෞකා කිහිපයක්ද මේ සමග එක්වන බව වාර්තා වෙයි.
එහිදී, ප්‍රති-සබ්මැරීන, ප්‍රති-යුද නෞකා මෙහෙයුම් සහ මුදාගැනීමේ අභ්‍යාසයන්ද සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
2012 වසරේ සිට රුසියාව සහ චීනය අතර යුද අභ්‍යාසය ආරම්භ වූ අතර, ඔවුන් බෝල්ටික් මුහුදේ මේ ආකාරයේ යුද අභ්‍යාසයක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම යුද අභ්‍යාසයෙන් නේටෝව මෙන්ම බටහිර ජාතීන් තිගැස්මකට ලක්ව ඇති අතර, ඔවුන් මෙය නිරීක්ෂණය කරමින් සිටින බවද කියැවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

