චීනයේ හිටපු ආරක්ෂක ප්රධානී සෝව් යොන්ග්කැන්ග් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්ව තිබේ.
බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට අල්ලස් ගැනීම හා බලය අයුතු ලෙස යොදා ගැනීම යන චෝදනා යටතේ මෙසේ සිරදඬුවමට ලක්ව තිබේ.
2012 වසරේ සිය විශ්රාම යෑම දක්වාම එරට වඩාත් බලගතුව පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් අයෙකු ලෙස ඔහු කටයුතු කළේය.
කෙසේ වෙතත් චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පාලනය යටතේ දූෂිතයන්ට දඬුවම් ලබාදීම යටතේ යොන්ග්කැන්ග් ද මෙසේ දඬුවමට ලක්ව සිටී.