නැගෙනහිර චීනයේ නැන්ජින්ග් නගරය එම නගරයේ වූ කිලිටි මෝටර් රථ මාර්ගයෙන් ඉවත් කරමින් නගරය පිරිසුදු කිරීමේ කර්තව්‍යයකට මුල පුරා තිබේ.
ජියාන්ග්සු පළාතේ අගනගරය ලෙස සැලකෙන නැන්ජින්ග්හි බලධාරීන් පවසන්නේ කිලිටි මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව දඩයක් නියම කරන බවයි.
බලධාරීන් පවසන්නේ නොසැලකිලිමත්කම නිසා සේදීමකින් හෝ පිරිසුදු කිරීමකින් තොරව ධාවනය වන මෝටර් රථ නගරය අවලස්සන කරන බවයි.
ඒ අනුව, මින් පසු නගරයට ඇතුළු වන සෑම කිලිටි මෝටර් රථයකම රියදුරෙකුට යුවාන් 100ක (ඇ.ඩො.16ක) දඩයකට යටත්වීමට සිදුවනු ඇත.