චීන ජනපති ෂී ජින්පිං ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරය අරඹා ඇත.
එහිදී, සීට්ල් තාක්ෂණික පුරවරය වෙත යන චීන ජනාධිපතිවරයා දින තුනක කාලයක් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා තාක්ෂණික ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන් අනතුරුව, වොෂිංටනයේදී ජනාධිපති බරැක් ඔබාමා සමග නිල සාකච්ඡාවකටද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.
චීනයේ සයිබර් අපරාධකරුවන් විසින් ඇමෙරිකාවේ ඔත්තු බලන බවට නැගෙන චෝදනා මෙම සාකච්ඡාවල ප්‍රමුඛතාවක් ගනු ඇති බව කියැවෙයි.