චීන ජනපති ධුර කාලය අසීමාන්තික බවට පත් කරමින්, වත්මන් ජනපති ෂී ජින්පින්ට ජීවිතාන්තය දක්වා වුවද සිය ධුරයේ රැඳී සිටීමට හැකි ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය හිමිව තිබේ.
මහජන චීන සමූහාණ්ඩුවේ කොංග්‍රසය අද (11දා) රැස්වූ අවස්ථාවේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය හිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
2,964ක් වන කොංග්රස් සාමාජිකයන්ගෙන් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, තිදෙනෙකු සභා ගැබේ නොසිටියහ.
ඒ අනුව, මෙය බහුතරය ඒකච්ඡන්දයෙන් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ප්‍රකට වන බව දේශපාලන විචාරකයෝ පවසති.
චීන ජනපතිවරයෙකුට ධුර කාල දෙකකට සීමා වන ලෙස වර්ෂ 1990 දී සිදුකර තිබූ ව්‍යවස්ථා සශෝධනය මේ ආකාරයෙන් වෙනසකට ලක්ව තිබේ.
වත්මන් චීනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන මාඕ සේතුංගෙන් පසුව චීනය තුළ දැවැන්ත වෙනසක් සිදුකරමින්, ලෝක සිතියමේ වඩාත් ප්‍රබල රාජ්‍යයක් බවට චීනය ඔසවා තැබූ ෂි ජින්පින් වෙත තවදුරටත් චීනයේ සුක්ඛානම ලබාදීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් පසුවිය.