චීනයේ, නැගෙනහිර වරාය නගරයක් වූ නින්ග්බෝ නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ජියාන්ග්බෙයි දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, සිද්ධියෙන් අසල ගොඩනැගිලි කිහිපයක්ද කඩා වැටී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට පුද්ගලයන් 30ක් පමණ රෝහල් කරා රැගෙන ගොස් ඇති බවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත් චීන රජයේ මාධ්‍ය පවසයි.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
චීනයේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා පවතින ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙන අතර, වොල්වෝ සමාගමේ චීන හිමිකාරීත්වය දරණ ගීලි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා පවතින්නේද මෙම ප්‍රදේශය ආශ්‍රිතවය.
කෙසේ වෙතත්, මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.