චීන ජනපති ෂී ජින්පින්ගේ දෙවැනි ධුර කාලය චීන පාර්ලිමේන්තුව විසින් අනුමත කරමින්, උප ජනපති ලෙස වැන්ග් කිෂාන් නම් කර තිබේ.
ෂි ජින්පින් වෙත ජනපති දෙවැනි ජනපති ධුර කාලය සඳහා වූ පාර්ලිමේන්තු අනුමැතිය ඒකඡන්දයෛන් හිමිවන විට, උප ජනපති ලෙස වැන්ග් වෙත ඡන්ද 2,969ක් හිමිව තිබුණි. ඔහුට විරුද්ධව ලැබී තිබුණේ එක් ඡන්දයක් පමණි.
වැන්ග් මීට පෙර චීනයේ දූෂණ සම්බන්ධ පරීක්ෂණ මෙහෙයුම් කමිටුවේ ප්රධානියා ලෙස කටයුතු කළේය.
ජනපති ෂී ජින්පින් සමග දීර්ඝ කාලීන සබඳතාවක් ඇති වැන්ග්ගේ මෙම පත්වීම වත්මන් චීන නායකයාගේ බලය තවදුරටත් තහවුරු වීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.