දකුණුදිග චිලියේ පිහිටි විල්ලරීකා ගිනි කන්ද පුපුරා යෑම ඇරඹී ඇති බවත්, මේ වනවිට අඩි 3,300ක් පමණ ඉහළට යමහල් අළු විහිදෙමින් පවතින බවත් විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ ගිනි කන්ද ආසන්නයේ ජීවත් වූ 3,000කට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
ගිනි කන්ද ආසන්න පූකොන් නගරයේ නගරාධිපතිවරයා පවසා සිටියේ එහි ජනතාව සන්සුන්ව නගරයෙන් ඉවත්ව ගිය බවයි.
මේ අතර, චිලී ජනාධිපති මිෂෙල්ලෙ බැෂ්ලෙට් පවසා සිටියේ ප්‍රදේශයේ සංචාරය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවයි.
මීටර් 2,840ක් උස මෙම ගිනිකන්ද සක්‍රීය ගිනිකන්දක් ලෙස සැලකෙන අතර, එහි ආවාටයේ ලාවා පොකුණක්ද වෙයි.