(UPDATE) නෝමන් ඇට්ලාන්ටික් යාත්‍රාවේ ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 10 දක්වා ඉහළ ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි සෙසු සියලුම අය නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවත් විදෙස් පුවත් සේවා පවසයි.
මියගිය පිරිසෙන් එක් අයෙකු යාත්‍රාවෙන් පිටතට පැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් මළ සිරුරු තවම සොයාගෙන නොමැති බව කියයි.
යාත්‍රාවේ ගමන් කළ 400කට වැඩි පිරිසක් මේ වනවිට බේරාගෙන ඇති අතර, මෙම මෙහෙයුම අතිශය සංකීර්ණ මුදාගැනීමේ මෙහෙයුමක් වූ බව කියැවෙයි.
එම මුහුදේ පැවති අයහපත් කාලගුණය මුදාගැනීම් ප්‍රමාද වීමට හේතු වූ බව ග්‍රීක හා ඉතාලි බලධාරීහු පවසති.