ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් එරට ගුවන් තොටුපොළ තුනක් වසා දමා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
නැගෙනහිර ජාවා හි රවුන්ග් ගිනිකන්ද මෙසේ සක්‍රීය වී ඇති අතර, එය දැනට සතියක පමණ කාලයක සිට යමහල් අළු නිකුත් කරමින් සිටින බව පැවසෙයි.
ඒ අනුව, කලාපයේ ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගනිමින් ප්‍රකට සංචාරක පුරවරයක් වන බාලි හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළද වසා දමා තිබුණි.
එරට රජය පෙන්වා දෙන්නේ මීට අමතරව නැගෙනහිර ජාවා හි තවත් කුඩා ගුවන් තොටුපොළවල් දෙකක්ද වසා දමා ඇති බවයි.