ගැම්බියාවේ හිටපු ජනපති යහ්යා ජම්මෙහ් රට හැර යෑමත් සමග එරට නව ජනපති ලෙස පත්වූ අඩමා බැරොව් යළි ගැම්බියාව වෙත පැමිණ තිබේ.
නව ජනපති බැරොව් රැගත් යානය බන්ජූල් ගුවන්තොටු පොළ වෙත පැමිණෙන විට දහස් සංඛ්‍යාත ජනතාවක් ඒ ආශ්‍රිතව රැස්වී ප්‍රීතිඝෝෂා පවත්වා තිබේ.
ගැම්බියාවට පැමිණීමෙන් අනතුරුව නව ජනපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, 'මා අවසානයට ගෙදර පැමිණියා' යනුවෙනි.
වසර 22ක කාලයක් ගැම්බියාව පාලනය කළ ජම්මෙහ් පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් පරාජයට පත්වුවත්, බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරමින් සිටියේ මැතිවරණය දූෂිත බව පවසමිනි.
කෙසේ වෙතත්, කලාපීය රටවලින් පැමිණි බලපෑම හා හමුදා ආක්‍රමණය හේතුවෙන් රටින් පැන යාමට ජම්මෙහ් තීරණය කළේය.
නව ජනපති ලෙස බැරොව් පසුගිය සතියේදී සෙනගාලයේ, ගැම්බියා තානාපති කාර්යාලයේ සිට දිවුරුම්දුන් අතර, ගැම්බියාව තුළ සිදුවන පදවි ප්‍රාප්තිය ළඟදීම සිදුකෙරෙනු ඇති බවද වාර්තා වෙයි.